අපගේ ශාඛා මගින් සැපයෙන සේවාවන්

පාසල් පාලන අංශයේ කාර්යභාරය​

  • පාසල් භෞතික සම්පත් මහජන අවශ්‍යතා උදෙසා තාවකාලිකව වෙන් කිරීමට අදාළ කටයුතු.
  • පාසල් ඉඩම් අත්පත් කර ගැනීම, අවසතු කරගැනීම ආදිය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම.
  • පාසල් ව්‍යුහ කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කිරීම.
  • ශිෂ්‍ය ඇතුළත් කිරීම් මාරු කිරීම් හා පාසල් හැරයාම පිළිබඳ කටයුතු කිරීම
  • ශිෂ්‍ය විනය කටයුතු
  • පාසල් ශිෂ්‍යාධාර, ශිෂ්‍යත්ව හා විදේශ ශිෂ්‍යත්ව කටයුතු
  • ශිෂ්‍ය පෝෂණ ව්‍යාපෘති පිළිබඳ කටයුතු
  • පාසල් නිල ඇදුම් පිළිබඳ කටයුතු
  • ප්‍රසිද්ධ විභාග පිළිබඳ සම්බන්ධීකරණ කටයුතු
  • තූර්යවාදක කණ්ඩායම්, ශිෂ්‍යත්ව හා විදේශ ශිෂ්‍යත්ව කටයුතු,
  • පාසල් සංවර්ධන සමිති ශිෂ්‍ය සමිති හා පාසල් සම්බන්ධ වෙනත් සමිති පිළිබඳ කටයුතු
  • පහසුකම් හා සේවා ගාස්තු
  • පාසල් ආරක්ෂක කටයුතු
  • විශේෂ දින, සංවත්සර, සැමරුම්, කොඩි දින හා සම්බන්ධ කටයුතු.
  • ජාතික පාසල් සහ 1ඒබී පාසල් සම්බන්ධ පහත දැක්වෙන අනුමත කිරීම්
    1. කාල සටහන
    2. පාසල්හි විවිධ ව්‍යාපෘති / කඳවුරු ආදිය
    3. පහසුකම් සේවා ගාස්තු
  • ශිෂ්‍ය නායක කටයුතු වල ගුණාත්මක වර්ධනය සඳහා සුදුසු වැඩසටහන් සම්පාදනය හා ඇගයීම
  • කලාපයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව සතු ගොඩනැගිලි නඩත්තුව හා හානියට පත් ගොඩනැගිලි පිළිබඳ සොයා බැලීම ( සැලසුම් අංශය සමඟ සම්බන්ධව)
  • විනය කටයුතු පිළිබඳ තීරණ මෙහෙයවීම හා විමර්ශන කටයුතු
  • පාසල් සංවර්ධන සමිති රිසිට් පොත් සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිල මුද්‍රාව තැබීමට අවසර දීම.
  • පාසල් ආපනශාලා සම්බන්ධ කටයුතු.
  • ඩෙංගු මර්දන හා සෞඛ්‍ය ප්‍රවර්ධන පිළිබඳ කටයුතු
  • පාසල්හි තාවකාලික සේවා ලබා ගැනීමට අදාළ නිර්දේශ හා අනුමැතිය ලබා දීම
  • සිසුන් බැහැර ගෙන යාමට අනුමැතිය ලබාදීම
  • පෞද්ගලික පාසල් කටයුතු
  • විදේශගතවීම් සඳහා සිසුන්ට නිර්දේශ ලබා දීම

 

අධ්‍යාපන සංවර්ධන අංශයේ කාර්ය භාරය

  1. අධ්‍යාපන ප්‍රතිපත්ති හා නියමිත විෂයමාලාව ක්‍රමවත්ව ක්‍රියාත්මක වීම සම්බන්ධව වගකීම හා වගවීම.
  2. අධ්‍යාපන අංශික සංවර්ධන ප්‍රවේශ රාමුය හා වැඩසටහන්වලට අදාළ ව වාර්ෂික මධ්‍යකාලීන, පස් අවුරුදු සැලසුම් සකස් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම.
  3. අනුමත සැලසුම් ක්‍රියාත්මක කිරීම, ප්‍රගති සමාලෝචනය හා නියාමනය සිදුකිරීම.
  4. පාසල්වල විෂය සමගාමී, විෂයානුබද්ධ කටයුතු සංවිධානය සඳහා මග පෙන්වීම.
  5. විෂය මාලා නම්‍යකරණය හඳුන්වා දීම හා ක්‍රියාත්මක කිරීම.
  6. විෂය අධ්‍යක්ෂවරුන්ගේ හා ගුරු උපදේශකවරුන්ගේ කාර්ය ප්‍රගති සමාලෝචනය සිදුකිරීම.
  7. පාසල් වෙත ලබාදී ඇති ව්‍යාපෘති ප්‍රදාන හා ගුණාත්මක යෙදවුම් පිළිබඳ විෂය අධ්‍යක්ෂවරු මගින් නියාමනය කොට ප්‍රගතිය ලබා ගැනීම.
  8. අවස්ථානුකූල ව විෂයය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ශිෂ්‍ය සාධන මට්ටම් විශ්ලේෂණය කිරීම සහ එමගින් අනාවරණය වන කරුණු මත අධ්‍යාපන ගුණාත්මක තත්වයන් වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවර ගැනීම.
  9. ගුරු කාර්ය මණඩල ධාරිතා සංවර්ධනය සඳහා ක්‍රියාමාර්ග ගැනීම සංවිධනය හා ක්‍රියාත්මක කිරීම.
  10. කොට්ඨාස අධ්‍යාපන කාර්යාල හා අනෙතුත් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපන සංවර්ධන කටයුතු උදෙසා උපදේශනය, ඇගයීම හා නියාමනය සිදු කිරීම හා කලාප මට්ටමේ විෂයානුබද්ධ තරග සංවිධානය හා පැවැත්වීම
  11. පාසල්වල බාහිර අගයීම් වැඩසටයන් ක්‍රියාත්මක කිරීම, ගුණාත්මක දර්ශකය සකස් කිරීම හා සංවර්ධන අවශ්‍යතා හඳුනා ගෙන ඒ අනුව කටයුතු කිරීම.
  12. පාසල් අභ්‍යන්තර ඇගයීම් කාර්යය නියාමනය කිරීම හා අවශ්‍ය මග පෙන්වීම.
  13. අධ්‍යාපන සංවර්ධන ශාඛාව අභ්‍යන්තර ඇගයීමට ලක් කිරීම, වාර්තාකරණය හා ප්‍රතිපෝෂණය සිදු කිරීම.
  14. විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හා නොවිධිමත් අධ්‍යාපන කටයුතු මෙහෙයවීම හා ක්‍රියාත්මක කිරීම.
  15. විදුහල්පති, ගුරු කාර්යසාධන ඇගයීමි නියාමනය හා පසු විපරම සිදු කිරීම.
  16. විදුහල්පති ගා ගුරු ඇගයීම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  17. අධ්‍යාපන පර්යේෂණ සිදු කිරීම හා අනාවරණ පදනම් කර ගනිමින් ව්‍යාපෘති යෝජනා සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම.
  18. පෙර පාසල් නියාමනය හා අදාළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

අධ්‍යාපන සැලසුම් අංශයේ කාර්යභාරය

  1. අධ්‍යාපන ආංශික සංවර්ධන ප්‍රවේශ රාමුව හා වැඩසටයන් වලට අදාළව කලාපයේ සමස්ත වාර්ෂික, මධ්‍යකාලීන. පස් අවුරුදු සැලැස්ම සැකසීම, පුනරාවර්තන හා නව ප්‍රාග්ධන සැලසුම්, ප්‍රගති සමාලෝචනය හා නියාමනය සිදුකිරීම
  2. කලාපයට අයත් සියලුම අධ්‍යාපන ආයතනවල වාර්ෂික, මධ්‍යකාලීන හා පස් අවුරුදු සැලසුම් සකස් කිරීම, සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, නියාමනය හා ප්‍රගතිය සමාලෝචනය කිරීම.
  3. රැස්වීම් සංවිධානය (විදුහල්පති රැස්වීම්, ව්‍යුහ කමිටු / සැලසුම් කමිටු, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී රැස්වීම්, මාණ්ඩලික නිලධාරී රැස්වීම්, කොට්ඨාස අධ්‍යක්ෂ රැස්වීම්)
  4. පාසල්වල වාර්ෂික ඇස්තමේන්තු අනුමත කිරීම
  5. කලාප ව්‍යුහ කමිටුව සම්බන්ධව යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම හා කලාප ව්‍යුය කමිටු ලේකම් වශයෙන් කටයුතු කිරීම.
  6. කලාපයට අයත් සියලුම අධ්‍යාපන ආයතනවල භෞතික හා මානව සම්පත් අව්‍යශතා හඳුනා ගැනීම, ගණනය හා අවශ්‍යතා සැපිරීම සම්බන්ධ ක්‍රියාමාර්ග ගැනීම.
  7. අධ්‍යාපන කළමනාකරණ තොරතරු පද්ධතියට (EMIS) අදාළ දත්ත හා තොරතුරු රැස් කිරීම, යාවත්කාලීන කිරීම, සංවිධානය විශ්ලේෂණය හා බෙදාහැරීම. (ගුරු සංඛ්‍යා, ශිෂ්‍ය සංඛ්‍යා, රජයේ විභාග ප්‍රතිඵල – ශිෂ්‍යත්ව, සා.පෙ., උ.පෙ. ආදී තොරතුරු පවත්වාගෙන යාම)
  8. බස්නාහිර පළාත් තොරතුරු පද්ධතියට දත්ත ඇතුලත් කිරීම, යාවත්කාලීන කිරීම හා පවත්වාගෙන යාම,(DSIS/PMS)
  9. වාර්ෂික පාසල් සංගණන කටයුතු සම්බන්ධීකරණය කිරීම පිළිබඳ නියාමනය හා ප්‍රගතිය වාර්තා කිරීම.
  10. පාසල් නගා සිටුවීමේ වැඩසටහනට අදාළ කටයුතු සම්බන්ධීකරණය කිරීම
  11. පාසල්වලට ලබා දී ඇති ගුණාත්මක යෙදවුම් හා අනෙකුත් ප්‍රදානයන් භාවිතය සඳහා උපදෙස් සැපයීම
  12. අධ්‍යාපන පර්යේෂණ කටයුතු සම්බන්ධීකරණ හා අනාවරණවලින් ව්‍යාපෘති සැලසුම් සකස් කිරීම.
  13. ජලය, විදුලිය, සනීපාරක්ෂාව ඇතුළු පාසල් භෞතික අවශ්‍යතා සම්පූර්ණ කිරීම.
  14. අධ්‍යාපන සංවර්ධන ක්‍රියාවලිය සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල දායකත්වය ලබා ගැනීම, විදේශාධාර ව්‍යාපෘති සැලසුම් කිරීම, සම්බන්ධීකරණය, නියාමනය, ප්‍රගති සමාලෝචනය හා පසු විපරම් සිදු කිරීම.
  15. දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු සදහා අවශ්‍ය වාර්තා සැකසීම හා සැපයීම.
  16. ඉදිකිරීම්. අලුත්වැඩියා සම්බන්ධ අදාළ පාර්ශව සමග සම්බන්ධීකරණය කිරීම
  17. අදාළ විදේශාධාර වැඩසටහන් මෙහෙයවීම හා අධීක්ෂණය කිරීම
  18. විදුහල්පති චාරිකා සංවර්ධනය සදහා කටයුතු කිරීම.
  19. සැලසුම් අංශයට අදාළ කටයුතු අභ්‍යන්තර ඇගයීමට ලක් කිරීම.
  20. 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාත්මත කිරීමට අදාළ මූලික කටයුතු.
  21. ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය (NSBS) .

සාමාන්‍ය පාලන අංශයේ කාර්ය භාරය

  1. කලාපයේ පාසල්වල ගුරු උපයෝජනය හා අන්තර් කලාප ගුරු ස්ථාන මාරු වීම්වල දී පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත නිර්දේශ ලබාදීම.
  2. ගුරු මාරු මණ්ඩල කැඳවීම, රැස්වීම් පැවැත්වීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම
  3. විදුහල්පති සේවයේ සියලු නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සඳහා නිර්දේශ ලබා දීම.
  4. කලාප කාර්යාලයේ හා ඊට සම්බන්ධ අනෙකුත් අධ්‍යාපන ආයතනවල නිලධාරීන්ගේ හා කාර්යය මණ්ඩලවල රාජකාරි ලැයිස්තු සකස් කිරීම හා නියාමනය කිරීම.
  5. ගුරුවරුන්ගේ, විදුහල්පතිවරුන්ගේ, අධ්‍යාපන නිලධාරීන්ගේ හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවල පෞද්ගලික ලිපි ගොනු නඩත්තු කිරීම. ( වැටුප් වර්ධක, විදේශ නිවාඩු, සේවා දිගු, විශ්‍රාම ලිපි ගොනු, ණය අනුමැතිය ලබා දීම, උසස්වීම් සඳහා නිර්දේශ කිරීම, රාජකාරි නිවාඩු, ප්‍රසූත නිවාඩු හා විශේෂ අසනීප නිවාඩු අනුමතකිරීම, වාර්ෂික වැඩුප් වර්ධක ලබා දීම, සේවයේ ස්ථීර කිරීම, මාරු කිරීම, විනය කටයුතු … )
  6. කාර්ය මණ්ඩල ගෙවීම්, අතිකාල, දෛනික වැඩුප්, නිවාඩු දින වැටුප්, සියලු බිල්පත් නිරවුල් කිරීම, දුම්රිය බල පත්‍ර ලබා දීම ආදී කටයුතු සඳහා ක්‍රම සම්පාදනය කිරීම.
  7. අත්තිකාරම්, ණය, අග්‍රහාර රක්ෂණ සදහා අදාළ නිර්දේශ/අනුමැතිය ලබා දීම
  8. අධ්‍යාපන කලාපයේ සේවය කරන අනධ්‍යයන කාර්යය මණ්ඩල ස්ථාන මාරු කිරීම හා කලාපයෙන් නිදහස් කිරීම පිළිබඳ කටයුතු කිරීම.
  9. පිරිවෙන්වල වාර්ෂික ප්‍රදාන නිර්දේශ කිරීම හා පිරිවෙන් වල කාර්ය මණ්ටල ආයතනික කටයුතු ඉටු කිරීම
  10. පිරිවෙන් ලියාපදිංචිය සඳහා නිර්දේශ කිරීම හා පිරිවෙන් ගුරුවරුන් පත්කිරීම සඳහා නිර්දේශ කිරීම, යෝජනා පත්‍ර ඉදිරිපත් කිරීම.
  11. අධිකරණ කටයුතු, මානව හිමිකම් පැමිණිලි කටයුතු, පෙත්සම් කාරක සභා, උපදේශක කාරක සභා ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම ආදී නෛතික කටයුතු සිඳු කිරීම
  12. අභ්‍යන්තර විනය පාලන කටයුතු හා විමර්ශන කටයුතු සිදු කිරීම
  13. විනය කටයුතු පරීක්ෂණ කටයුතු සඳහා පහසුකම් සැපයීම.
  14. කාර්ය මණ්ඩල පුහුණු වැඩසටයන් සංවිධානය කිරීම හා ඒවා ක්‍රියාත්මක කිරීම
  15. කාර්යාලයීය භෞතික සමිපත් නඩත්තුව හා සංවර්ධනය කිරීම
  16. පාසල්, කොට්ඨාස, කලාප කාර්යාල හා සම්බන්ධ අනිකුත් ආයතන සඳහා ජලය විදුලිය හා දූරකථන ආදී පහසුකම් සැපයීම හා නඩත්තුව පිලීබඳව සියලු කටයුතු සිදු කිරීම.
  17. රජයේ නිල නිවාස හා වාහන පාලනයට අදාළ කටයුතු සිදු කිරීම.
  18. සුළු මුදල් අග්‍රිමය කළමනාකරණය කිරීම.
  19. දෛනික තැපෑල සම්බන්ධ කටයුතු සිදු කිරීම
  20. ලේඛනාගාර පවත්වා ගැනීමට අදාළ කටයුතු කිරීම
  21. පිළිගැනීමේ කවුන්ටරය, අභ්‍යන්තර සන්නිවේදන හා ආයතන පලදායීතා සංකල්ප ක්‍රියාත්මක කිරීමට අදාළ කටයුතු සිදු කිරීම
  22. ආයතන හා පාලන අංශයට අදාළ කටයුතු අභ්‍යන්තර ඇගයීමට ලක් කිරීම

ගුරු පාලන අංශයේ කාර්යභාරය

  • ප‍ෞද්ගලික ලිපි ගොනුවලට අදාල රාජකාරි, පෞද්ගලික අදාල ලියකියවිලි ගෙන්වා ගැනීම.
  • ස්ථාන මාරුවීම් අනුව ලිපි ගොනු පවත්වා ගැනීම හා සැකසීම් කටයුතු
  • වැටුප් වර්ධක අයදුම්පත් අනුමැතියට කටයුතු කිරීම
  • විභාග ප්‍රතිඵල සනාත කිරීම සහ මාර්ගගත පද්ධතිය හරහා අ.පො.ස. (සා.පෙ.)/අ.පො.ස. (උ.පෙ.) ප්‍රථිඵල සනාත කිරීම.
  • විදේශ නිවාඩු, අධ්‍යයන නිවාඩු, ප්‍රසූත නිවාඩු, ( අඩ වැටුප්/වැටුප් රහිත) අනුමත කිරීම. වැටුප් රහිත නිවාඩු අය කිරීම හා හිලව් කිරීමට කටයුතු කිරීම, විශේෂ නිවාඩු හා හදිසි අනතුරු නිවාඩු අනුමත කිරීම් හා අදාල කටයුතු.
  • කලින් කලට ගුරු සහ විදුහල්පති අන්තර්ග්‍රහණ උසස් වීම්, ඊට අදාල සංශෝධණ සිදු කිරීම සහ දේශපාලන හේතූන් මත සහන සැලසීම යටතේ වැටුප් සැකසීම.
  • වැන්දඹු අනත්දරු අංක ලබා ගැනීම, විශ්‍රාම ගැන්වීමේ කටයුතු.
  • සේවා විස්තර, සේවා සහතික නිකුත් කඅරීම.
  • සේවය හැරයාම, ඉල්ලා අස්වීම හා නැවත සේවයේ පිහිටුවීම් වලට අදාල කටයුතු.
  • NEMIS පද්ධතියට අදාලව දත්ත යාවත්කාලීන කිරීම හා අනුමත කිරීමට අදාල කටයුතු

ගිණුම් අංශයේ කාර්යභාරය

  1. වාර්ෂික කෙටුම්පත් මූල්‍ය ඇස්තමේන්තු සැකසීම හා මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම
  2. අධ්‍යයන හා අනධ්‍යයන සේවකයන් ගේ වැටුප් ගෙවීම
  3. අතිකාල දීමනා, ගමන් වියදම් හා වෙනත් දීමනා ගෙමීම
  4. පෞද්ගලික පාසල් හා පිරිවෙන් සඳහා ප්‍රදාන ලබාදීම
  5. විවිධ වැඩසටහන් හා වැඩමුළු සඳහා ගෙවීම් කටයුතු සිදුකිරීම
  6. ගිනුම් පවත්වාගැනීම, පාලනය හා නියාමනය සිදුකිරීම
  7. මූල්‍ය සම්පත් කළමනාකරණය හා පාලනය කිරීම
  8. ශිෂ්‍යාධාර ගෙවීම හා ඊට අදාළ කටයුතු සිදුකිරීම
  9. ජලය, විදුලිය, වරිපනම් හා දුරකථන ගාස්තු ගෙවීම.
  10. මු.රෙ. 104(3) අනුව භාණ්ඩ හානි හා පාඩු සම්බන්ධ කටයුතු කිරීම ප්‍රාරම්භක පරීක්ෂණ සිදු කිරීම සහ මෙම හානි සියල්ල විසර්ජන ගිණුම මගින් වාර්තා කිරීම
  11. ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ කටයුතු සිදු කිරීම
  12. පාසල් භාණ්ඩ සමීක්ෂණ පැවැත්වීම, භාණ්ඩ තුලනය හා අපහරණය සඳහා නිර්දේශ ලබා දීම
  13. පාසල් ගොඩනැගිලි ඉඳි කිරීම, අලුත්වැඩියා කටයුතු සඳහා ගෙවීම් සිදු කිරීම
  14. සියලුම ගෙවීම් පිළිබඳ මූල්‍ය ප්‍රගතිය වාර්තා කිරීම
  15. නිලධාරීන්ගේ අත්තිකාරම් හා ණය විධිමත්ව ගෙවීම, සැසදීම හා පාලන ගිණූම් පැවැත්වීම හා අදාළ කටයුතු සිදු කිරීම
  16. වර්ෂ අවසාන ගිණුම සකස් කිරීම හා පියවීම
  17. පොදු තැන්පත් ගිණුම් සැසදීම හා පාලන ගිණුම් පැවැත්වීම
  18. පාසල් හා අධ්‍යාපන ආයතනවල කාලීන ගිණුම් වාර්තා ලබා ගැනීම හා අධීක්ෂණය සිදු කිරීම
  19. කාර්යාලයේ හා පාසල්වල මූල්‍ය විනයක් හා පාරදෘශ්‍ය බවක් පවත්වා ගැනීම හා විගණන දෝෂ අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම
  20. විශ්‍රාම වැටුප් පාරිතෝෂික ගෙවීම
  21. බැංකු ගිණුම් පවත්වා ගැනීමට අදාළ කටයුතු හා මාසික බැංකු සැසදුම් සකස් කිරීම
  22. ගබඩා හා තොග පාලනයට අදාළ කටයුතු සිදු කිරීම
  23. සම්පත් කළමනාකරණය පිළිබඳ අක්‍රමිකතා හා වංචා, කලාප අධ්‍යක්ෂ වෙත වාර්තා කිරීම හා ඊට අදාළ විනය කටයුතු ආරම්භ කිරීම
  24. මූල්‍ය අංශයට අදාළ කටයුතු අභ්‍යන්තර ඇගයීමට ලක් කිරීම
  25. අවස්ථානුකූලව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පවරනු ලබන වෙනත් රාජකාරි කටයුතු සිදු කිරීම
  26. ණය පියවීමට අදාළ කටයුතු, වැය සීමා තුළ වියදම් කිරීම
  27. සිගාස් (Cigas) වැඩසටහනට අදාළ කටයුතු
  28. පාසල් වල ස්ථාවර වත්කම් ගිණුම්ගත කිරීම
  29. අවස්ථානුකූලව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පවරනු ලබන වෙනත් රාජකාරි කටයුතු සිදුකිරීම

වැටුප් අංශයේ කාර්යභාරය

  1. ස්ථීර පත්වීම් සහිත ගුරු හා විදුහල්පති/අනධ්‍යයන සේවක වැටුප් ගෙවීම සකස් කිරීම
  2. අනියම් අනධ්‍යයන සේවක වැටුප් හා ගුරු සහායක දීමනා ගෙවීම
  3. හිඟ වැටුප් සකස් කිරීම
  4. නොඉල්ලුම් සහතික සකස් කර ගුරු පාලන අංශයට ලබා දීම
  5. ස්ථාන මාරුවීම් සඳහා අවසන් මස වැටුප් විස්තර යැවීම
  6. ස්ථාන මාරුවීම් සදහා ගෙවූ වැටුප් විස්තර යැවීම
  7. වැ.අ.වි.වැ. දායක මුදල් අය කිරීම පිළිබඳ තොරතුරු යැවීම
  8. මාසික ගුරු වැටුප් සාරාංශ සෑදීම
  9. අවකරණ චෙක්පත් අදාළ ආයතන වලට යැවීම
  10. ගුරු වැටුප් වාර්තාව සෑදීම