foto1
foto1
foto1
foto1
foto1
දකුණුලක,මාතොට,නිල්වලා ගඟ අසබඩ පිහිටි මාතර කලාප කාර්යාලයට, මාතර,වැලිගම,දෙවිනුවර හා දික්වැල්ල යන කොට්ඨාස අධ්‍යාපන කාර්යාල සතර ද අයත් වේ. ජාතික පාසල් 13ක් සහ පළාත්සභා පාසල් 98ක් මාතර පලාපයට අයත් වේ.Vision & Mission

කලාප අධ්‍යාපන කාර්යාලය - මාතර

 කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමියගේ පණිවිඩය....

දකුණුලක අඹරේ දිදුලන තරුවක් වන්නට වෙර දරන මාතර අධ්‍යාපන කලාපය සඳහා ආරම්භ කරන ලද මෙම වෙබ් අඩවියට ප්‍රථමෙයන් මාගේ සුභාශිංසන පුද කිරීමට කැමැත්තෙමි.

            දැක්ම හා මෙහෙවර අනුව යමින් කාර්යක්ෂම වූත් ඵලදායී වූත් කලාප කාර්යාලයක් බිහිකිරීම සඳහාත් විශ්ව ගම්මානය සමග එකතු වෙමින් තොරතුරු හුවමාරු කරගැනීම සඳහාත් කාර්යක්ෂම වූ සන්නිවේදන පද්ධතියක් කාර්යාලයට අත්‍යාවශ්‍යය. එසේම යම් කාර්යාලයක සියළුම දත්තයන් හා තොරතුරු ඉතාම ඉක්මනින්ම හා පහසුවෙන් යම් කෙනෙකුට ලබා ගැනීමට හැකිවීම ඵලදායීවූත්, කාර්යක්ෂමවූත්, කාර්යාලයක ලක්ෂණයක් වේ.

            එබැවින් මෙම වෙබ් අඩවිය මාතර කලාප අධ්‍යාපන කාර්යාලයේ ඉදිරි ගමන් මගෙහි සුවිශේෂී වූ කඩඉමක් ලෙස සනිටුහන් කිරීමට කැමැත්තෙමි. ඒ තුලින්  සේවා ලාභීන්ගේ අවශ්‍යතාවන් ඉටු කිරීමෙහි ලා සුවිශේෂී වූ මෙහෙවරක් ඉටුකර ගත හැකි බව මාගේ හැඟීමයි.

            මේ සඳහා අදහස් ලබා දීමෙන් දායක වූ සැලසුම් අධ්‍යක්ෂතුමා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයේ සියළුම අධ්‍යක්ෂ මහත්ම මහත්මීන්ටත්, සැලසුම් අංශයේ කැළුම් මහතා ප්‍රමුකව නිලධාරීන්ටත්, මාගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි. එසේම මෙම වෙබ් අඩවිය කාර්ෂමව හා යාවත්කාලීනව පවත්වා ගැනීමට ඔබ සියළුම දෙනාට අවශ්‍ය ශක්තිය හා ධෛර්ය ලැබේවායී මම ප්‍රාර්ථනා කරමි.